ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කළ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටිනවා.

ඊයේ පස්වරුවේ ඇය එම බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

රැදවුම් භාරයේ සිටි එම සැකකාරිය ඊයේ දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයයේ නිලධාරීන් විසින්.

එහිදී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කළේ.

2025 පෙබරවාරි 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී ගණේමුල්ල සංජීව ඝාතනයට ලක්වීමෙන් පසු එම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මෙරටින් පලා ගොස් තිබුණා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඇය අත්අඩංගුවට ගැණුනේ නේපාලයේදීයි.