ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති නමුත් හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා එහිදී පැවසුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බවයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයේ දී වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා. මේ, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ දැන් පක්ෂයට සම්බන්ධ නොවන ඇතැම් දේශපාලඥයින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.
කෙසේවෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේ ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා වූ කිසිවක් ඉටු නොවන බවයි.
එහෙත් ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූ සියල්ල ඉටු කරමින් ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.
මේ අතර ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළා. අද පැවති මෙම පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වුණා.




