අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම් එක් නඩුවකට අදාළව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව චාමර සම්පත් දසනායක ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමටයි අධිකරණය නියෝග කළේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.