Published
වධහිංසනයට පැමිණවීම පිළිබඳ පනතට නව සංශෝධන හඳුන්වා දුන්නේ දරුවන්ට පීඩාකාරී ආකල්ප හා සමාජීය වටපිටාව වෙනස් කිරීමට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
මෙය හිංසනයට එරෙහි පනතක් මිස කිසිසේත්ම ශික්ෂණයට එරෙහි පනතක් නොවන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
දරුවන් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ප්‍රායෝගික වැඩසටහන් රැසක් නිර්මාණයට කර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළේ ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සැමරුම් උත්සවයට එක්වෙමින්.




