තමිල්නාඩු දේශපාලනයේ දැවැන්ත වෙනසක් සනිටුහන් කරමින්, තලපති විජේගේ තමිලග වෙට්රි කසාගම් හෙවත් TVK පක්ෂය ප්‍රමුඛ සන්ධානයට සහය දීමට VCK පක්ෂය සහ IUML පක්ෂය තීරණය කර තිබෙනවා.
මෙම නව දේශපාලන තත්ත්වයත් සමඟ තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස විජේ පත්වීමේ අවස්ථාව ස්ථිර වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
තමිල්නාඩු සභාවේ බහුතරය ලබා ගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන සංඛ්‍යාව 118 ක්.
VCK සහ IUML පක්ෂවල සහය ලැබීමත් සමඟ විජේ ප්‍රමුඛ සන්ධානයේ ශක්තිය 121 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
TVK පක්ෂය ජයග්‍රහණය කල ආසන 108 සමග ආසන 05ක් හිමි කොංග්‍රස් පක්ෂය, ආසන දෙක බැගින් හිමි VCK පක්ෂය, IUML පක්ෂය, CPI පක්ෂය, CPI -M පක්ෂය මේ වන විට එක් වී සිටිනවා.
ඒ අනුව විජේගේ සන්ධානය සතු මුළු ආසන සංඛ්‍යාව 121ක්.
VCK පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, විජේගේ නායකත්වයෙන් යුත් රජයක් පිහිටුවීමට තමන් සහය දෙන බවයි.
එමෙන්ම VCK නායක ආදව් අර්ජුන විසින් සිය සහය පලකිරීමේ නිල ලිපිය ද විජේ වෙත භාර දී තිබෙනවා.
මෙම උණුසුම් දේශපාලන වාතාවරණය මධ්‍යයේ තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් අද රාත්‍රී තිරුවානන්තපුරම් බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.
ආණ්ඩුකාරවරයා පිටත්ව යාමට පෙර රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් තීරණාත්මක නිවේදනයක් නිකුත් කරනු ඇති බවට දේශපාලන විචාරකයින් අනාවැකි පළ කර තිබෙනවා.
වසර ගණනාවක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ ප්‍රධාන පක්ෂ දෙක අභිබවා නව දේශපාලන බලවේගයක් ලෙස තලපති විජේ ප්‍රමුඛ සන්ධානය මෙලෙස පෙරමුණට පැමිණීම විශේෂත්වයක්.




