Published
කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රැගෙන ආ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත රැගෙන ගොස් තිබෙනවා.
අක්ෂි පරීක්ෂාවක් සදහා ඇය පෙරවරු 10.30 ට පමණ එම රෝහලට රැගෙන ආ බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය එලෙස රෝහල වෙත රැගෙනවිත් තිබුණා.
පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කළ ඇය ඊයේ දිනයේ අක්ෂි පරීක්ෂාවක් සදහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන යාමට නියමිතව තිබුණා.
කෙසේවෙතත් බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා ඊයේ දිනයේ නිර්දේශ කර ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත අද ඉදිරිපත් කරන ලෙසයි.




