මෙරට සුවහසක් බොදු ජනයා අමා දහමින් පෝෂණය කරමින් උතුම් ශාසනික මෙහෙවරක නිරතවූ, අපවත්වී වදාළ පූජ්‍ය කැටවල හේමාලෝක නාහිමියන්ගේ දේහය තවත් නොබෝ වේලාවකින් ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයට වැඩම කරවීමට නියමිතයි.
ඒ, ගම්පහ නගරයේ සිට රිය පෙරහැරකින්.
පූජ්‍ය කැටවල හේමාලෝක නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කෙරෙන දිනය අද රාත්‍රි 7ට රැස්වන ආදාහන කමිටුවේදී තීරණය කිරීමට නියමිතයි.
ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ නිර්මාතෘ පූජ්‍ය කැටවල හේමාලෝක නා හිමියන් ඊයේ පස්වරුවේ අපවත් වුණා.
ඒ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
නෙත් FM රේඩියෝව සමග දිගු කලක් ඉතා සමීපව කටයුතු කළ උන්වහන්සේ වසර ගණනාවක් තිස්සේ ඉරිදා මෙත්නෙත් පාමුල දේශකයාණන් වහන්සේ ලෙස කටයුතු කරමින් සුවහසක් ජනතාව යහපත් මාවතට යොමු කිරීමට සිදු කළ මෙහෙවර සුවිශේෂියි.




