තමිල්නාඩු මහ ඇමති ලෙස TVK නායක තලපති විජේ හෙට (10) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඒ, පෙරවරු 10 ට චෙන්නායිහි "නේරු" ක්‍රීඩාංගනයේදීයි.
තමිල්නාඩු මහ ඇමති ලෙස TVK නායක විජේ පත් කෙරුණේ ආණ්ඩුකාරවරයා විසින්.
තලපති විජේගේ තමිලග වෙට්රි කසාගම් හෙවත් TVK පක්ෂය ප්රමුඛ සන්ධානයට සහය දීමට VCK පක්ෂය සහ IUML පක්ෂය තීරණය කර තිබුණා.
තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස විජේ පත්වීමට අවස්ථාව හිමිවූ ප්‍රධාන ම හේතුව එය වනවා.
තමිල්නාඩු සභාවේ බහුතරය ලබා ගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන සංඛ්‍යාව 118 ක්.
VCK සහ IUML පක්ෂවල සහය ලැබීමත් සමඟ විජේ ප්රමුඛ සන්ධානයේ ශක්තිය 121 දක්වා ඉහළ ගියා.
TVK පක්ෂය ජයග්‍රහණය කල ආසන 108 සමග ආසන 05ක් හිමි කොංග්රස් පක්ෂය, ආසන දෙක බැගින් හිමි VCK පක්ෂය, IUML පක්ෂය, CPI පක්ෂය, CPI -M පක්ෂය මේ වන විට එක් වී සිටිනවා.
ඒ අනුව විජේගේ සන්ධානය සතු මුළු ආසන සංඛ්‍යාව 121ක්.
VCK පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, විජේගේ නායකත්වයෙන් යුත් රජයක් පිහිටුවීමට තමන් ද සහය දෙන බවයි.
එමෙන්ම VCK නායක ආදව් අර්ජුන විසින් සිය සහය පලකිරීමේ නිල ලිපිය ද විජේ වෙත භාර දී තිබුණා.




