ඉන්දියාවේ කල්කටා නුවර පැවති 31 වැනි අන්තර්ජාතික සිනමා උළෙලේ දී ( Golden Royal Bengal Tiger Film Festival ) ප්‍රධානතම සම්මානයක් වූ හොදම අධ්යක්ෂවරයාට ( Best Director ) හිමි සම්මානය ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වූ " රිවස්ටන් " (Riverstone) චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වූ ලලිත් රත්නායක මහතාට හිමි වී තිබෙනවා.
එය භාර ගැනීමට එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙකු වූ ප්‍රහාත් රෝෂන් මහතා ඉන්දියාවට ගොස් තිබූ අතර ඔහු එම සම්මානයත් රැගෙන(14) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මෙම සිනමා උළෙල ලෝකයේ රටවල් 100 ක පමණ චිත්‍රපට අධ්යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ කල්කටා නුවර ඉකුත්(06) දින සිට(13) දින දක්වා පවත්වා තිබුණා.
එහිදී මෙම සම්මානය සමග චිත්‍රපට අධ්යක්ෂ ලලිත් රත්නායක මහතා වෙත ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා මුදල් ත්‍යාගයක් ද හිමි වී තිබුණා.
මෙම චිත්‍රපටයට මීට පෙර චීනයේ ෂැංහයි නුවර පැවති සිනමා උළෙලකදී ද සම්මානයක් හිමි වී තිබූ අතර ඉදිරියේදී තවත් ලෝකයේ රටවල් ගනනාවක පැවැත්වෙන සිනමා උළෙල කීපයකටම සහභාගී වීමට නියමිතයි.
මෙම සම්මානය රැගත් නිෂ්පාදකවරයා ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු පිළිගැනීම සදහා මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරියක වූ නිමන්ති පෝරගේ , ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.





