ජනතාවට ගමන් කළ හැකි ඩ්‍රෝන යානා දිවයිනට රැගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන බවට වාර්තා වනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් මූලික සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටත සිදුවූ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගය පහතින්

''ලංකාවට ගේන්න හදන ඩ්‍රෝන් එකක්. ඒක ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ, හැබැයි අලුත් දෙයක් තියෙනවා. මේ ඩ්‍රෝන් එක නිකම්ම නිකන් ඩ්‍රෝන් එකක් නෙමෙයි, මේක මිනිස්සුන්ට නැගලා යන්න පුළුවන් ඩ්‍රෝන් එකක්. මේක චීනෙන් තමයි ගේන්න හදන්නේ. මේකේ තවත් තියෙන මූලික අදියරේ සාකච්ඡා, ඒ කියන්නේ ලංකාවට ගෙනල්ලා මොනවාද කරන්නේ කියන එක පිළිබඳව. කොහොම හරි මේක ගේන්න මේ කට්ටිය ප්ලෑන් කරලා තියෙන්නේ අදාළ අනුමැතියන් ගන්නේ නැතුව කියලා තමයි වාර්තා වන්නේ. ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක් තමයි මේක පිටිපස්සේ ඉන්නවා කියලා කියන්නේ. මේකේ මෙයාලගේ බිස්නස් ප්ලෑන් එක තමයි පෝට් සිටි එකේ ඉඳන් වැල්ලවත්තට කට්ටිය යවන්න, එක ගමනකට ඩොලර් 20යි ගාස්තුව. ටුවරිසම් දියුණු කිරීමේ අරමුණින් තමයි මේක ගේන්න හදන්නේ. මේ වෙද්දී වාර්තා වන ආකාරයට මේ ඩ්‍රෝන් එක ගෙනල්ලා තියෙන්නේ, ඒ කියන්නේ ලංකාවට ගේන්න හදන්නේ, ගෙනල්ලා තියෙන්නේ අනුමැතියකින් නැතුව කියලා තමයි වැඩිදුරටත් කියවෙන්නේ. මේක දැන් වරායට ඇවිල්ලා තියෙනවා, ලංකාව ඇතුළට එන්න විතරයි තියෙන්නේ. කොහොමහරි මෙයාලගේ ප්ලෑන් එක ලබන මාසේ ඉඳන් වැඩේ පටන් ගන්න. මේ ඩ්‍රෝන් එක ගේද්දී අනුමැතිය අරගෙන තිබුණේ නැති වුණාට, අනුමැතිය ගන්නත් ඉතින් බැරිකමක් නෑ, පස්සේ ගන්නත් පුළුවන්. වැඩේ කියන්නේ මේක නෙමෙයි මරුම කතාව, දැන් ජනාධිපතිවරයාව තමයි මුලින්ම මේ ඩ්‍රෝන් එකෙන් පෝට් සිටි එකේ ඉඳන් වැල්ලවත්තට යවන්න ප්ලෑන් කරලා තියෙන්නේ කියලා දේශපාලන වේදිකාවේ තිරයේ පිටුපස කතා වෙනවා.''

''ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කවුරුත් කතා කරන්නේ නැතත් අපි අදත් ඔබට ඒ ගැන කියන්න සූදානම්. හෘද සැත්කම සිදු කරලා අවසන් කරලා තිබෙනවා. සැත්කම සාර්ථකව සිදු කළා කියලා තමයි කියන්නේ. නමුත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් සම්පූර්ණ සුවය ලබලා නෑ. තවමත් ICU එකේ තමයි ඉන්නේ, හාට් එක වැඩ කරන්නේ බැටරි එකෙන් කියලත් වාර්තා වෙනවා. එහෙම තමයි හාට් එකේ ෆන්ක්ෂන් සිදු වෙනවා කියලා කියන්නේ. කොහොමහරි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් ඇවිල්ලා තියෙනවා සුවදුක් බලන්න. ඒ අතරතුරේදී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ ඉන්නවනේ ඇප හම්බුණේ නැති නිසා, රිමාන්ඩ් බාරයේ ඔහුව බලන්නත් කට්ටිය එනවා, ඒ අතරතුර හිටපු මැති ඇමැතිවරු, මන්ත්‍රීවරුත් ඉන්නවා. මේ එන හැමෝගෙන්ම නාමල් විශේෂයෙන්ම අහන ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි අම්මාගේ සෞඛ්‍ය තත්ත්වය. නාමල් කියලා තියෙනවා පුළුවන් තරම් හොඳට අම්මව බලාගන්න කියලා. ඉතින් දැන් ලෑස්ති වෙනවා නාමල් රාජපක්ෂ නීතිඥ පාර්ශවය නාමල්ට අම්මව බලන්න යන්න අධිකරණයෙන් අවසර ඉල්ලන්න සූදානමක් තිබෙනවා කියලත් දේශපාලන වේදිකාවේ තිරයේ පිටුපසින් වාර්තා වෙනවා.''

''විහාරමහාදේවි සත්‍යග්‍රහය අවසන් වුණාට ඒ ගැන පොඩි කතාවක් හම්බුණා. ඒ සත්‍යග්‍රහය යන අතරතුරේදී ජනාධිපතිවරයා කෝල් එකක් අරන් තියෙනවා අධිකරණ අමාත්‍යවරයාට පවතින තත්ත්වය ගැන අහන්න. මේකෙදී අමාත්‍යවරයා කියලා තියෙනවා එයාට ඕනේ කොහොමහරි මේ ආණ්ඩුවත් එක්ක ගැටුමක් දාගන්න. ජනාධිපතිවරයා කියලා තියෙනවා අපි කලබල නොවී ඉන්න එක තමයි හොඳම, මහනායක හිමිවරුන්ගේ උපදෙස් අනුව වැඩේ කරගෙන යන්න කියලා. එතකොට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා උත්තර දීලා තියෙනවා දැන් නම් අවුලක් වෙන එකක් නෑ, කට්ටිය අර හොටෙල් ගහන ගිහිල්ලා දැන් වැඩේ ඒගොල්ලෝම ඉවර කරන තැනකට අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. මේ අතරතුර අනුරාධපුර පූජාභූමි සංවර්ධන ව්‍යාපෘතිය තදින්ම කතා වුණානේ මේ දවස්වල, නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු අනාවරණය කළා. මේ ගැනත් ආණ්ඩුව ඇතුළේ කතාවක් මතු වෙලා තිබෙනවා පහුගිය දින කිහිපයේ. ඒකෙදී ලාල් කාන්ත අමාත්‍යවරයා කියලා තියෙනවා දැන් කට්ටිය ඥානසාර හාමුදුරුවෝ ඇතුළේ තියෙද්දී ඒක අතහැරලා අනුරාධපුර යන්න තමයි ප්ලෑන් කරන්නේ කියලා හිනාවෙලා කියලා තියෙනවා. මේක අහන් හිටපු මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා දැන් ඉතින් ඕක ටික දවසක් ඇදගෙන යයි කියලා. හැබැයි ලාල් කාන්ත අමාත්‍යවරයා කියලා තියෙනවා අපි සම්පූර්ණ ප්ලෑන් එක ඩිජිටල් රූපරාමු එක්ක ජනතාවට ඉක්මනටම ළඟදීම බලන්න පෙන්නලා දෙන්න ලෑස්ති වෙනවා, මොකද ගැසට් ගැහුවට ජනතාව දන්නේ නෑ ගැසට් එක හරියට කියවන්න සහ ඒක ඇතුළේ තියෙන දේවල්. ඒක තමයි විපක්ෂ කට්ටිය ඕක අරන් දුවන්නේ. හැබැයි අපි මේක ඩිජිටල් රූපරාමුත් එක්ක ජනතාවට බලන්න ඉදිරියේදී ලෑස්ති කරලා තියෙනවා කියලා.''