බදුල්ල ප්‍රදේශයේ ස්ථාන හතක් ඉක්මන් පරීක්ෂාවකට ලක් කළ යුතු බවට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා

එම ස්ථාන ලෙස මොරගොල්ල වසමේ වරලියාව කන්ද හා කීන කැලේ කඳු පන්තිය නාය යන ප්‍රදේශය, ලෙජර් වත්ත කන්ද, නාරංගල කන්ද, තෝබෝවත්ත කොටස, බෝලියද්ද ආයුර්වේද අසල ඉහළ කොටස, දික් පිටිය පහළ කොටස, හා සොරනාතොට ප්‍රාදේශීයකම් කාර්යාලයේ භූමිය මෙසේ ඉතා ඉක්මනින් පරීක්ෂාවට ලක්විය යුතු ප්‍රදේශ බවයි බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ

ඉන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව අනුව ඉදිරි කටයුතු පිළිබඳ කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ