නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වූ ආන්දෝලනයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් සඳහන්ව තිබූ පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එහිදී විපක්ෂ නායකවරයා විමසා සිටියේ විධිමත් සාකච්ඡාවක් සිදු කර පොදු එකඟතාවකට පැමිණෙන තුරු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමිය නොහැකිද යන්නයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊට පිළිතුරු දෙමින් පැවසුවේ ඕන මොහොතක සංකල්ප පත්‍රිකාව මත පදනම් කරගෙන තවදුරටත් සාකච්ඡා කිරීමට විරුද්ධ නොවන බවයි.
මෙම සිද්ධිය වාර්තා වූ වහාම ඉංග්‍රීසි මොඩියුලයට අදාළ පොත මුද්‍රා තැබූ බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.




