වෙනත් රටවලට සාපේක්‍ෂව අඩු වැටුපක් හිමි රජයේ වෛද්‍යවරුන්ට ඉන්ධන දීමනාව ලබා නොදෙන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා අද ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.

.ඒ, අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගත් අවස්ථාවේ එම විවාදය ආරම්භ කරමින්.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ඉන් අනතුරුව විවාදයට එක් වුණා.

ගාල්ල ජාතික රෝහලේ ගිලන් රථ ගැටළුවක් පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා එහිදී කරුණු දැක්වුවා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාද විවාදයට එක්වුණා.

 

මේ, විවාදයට එක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය