චීනයේ මාපියන්ට වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වසරකට අමෙරිකානු ඩොලර් 500ක් පිරිනැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ, උපත් අනුපාතය ඉහළ නැංවීම අරමුණු කරගත් රජයේ පළමු ජාතික සහනාධාරය යටතේයි. ඒ අනුව දරුවන් ඇති දැඩි කිරීමේ පිරිවැය සහිත පවුල් මිලියන 20ක් පමණ සඳහා මෙය උපකාර වනු ඇති.
2022 සහ 2024 අතර උපත ලැබූ දරුවන් සිටින පවුල්වලට අර්ධ සහනාධාර සඳහා ද ඉල්ලුම් කළ හැකි වනවා. ඉකුත් සතියේ පළාත් පාලන ආයතනවලට දන්වා තිබුණේ නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කෙටුම්පත් කරන ලෙසයි. චීනයේ බිලියන 1යි දශම 4ක ජනගහනයෙන් බහුතරය වේගයෙන් වයස්ගත වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දශකයකට පමණ පෙර පාලක කොමියුනිස්ට් පක්ෂය විසින් මතභේදාත්මක එක් දරු ප්‍රතිපත්තිය අහෝසි කිරීමෙන් පසුව පවා රටේ උපත් අනුපාතය පහත වැටෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජනගහන පර්යේෂණ ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, සාපේක්ෂව දරුවන් ලැබීමට ලෝකයේ වඩාත්ම මිල අධික රට වන්නේ චීනයයි.
චීනයේ වයස අවුරුදු 17 දක්වා දරුවෙකු ඇති දැඩි කිරීම සඳහා සාමාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් 75,700ක් වැය වන බව එම අධ්‍යයනයෙන් පෙන්වා දී තිබුණා.