මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස්ගත සැඟව සිටින රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසනවා.

ඒ සදහා විදෙස් රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ.

2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ විදෙස්ගතව රැදී සිටි අපරාධකරුවන් 102 ක් මේ වනවිට දිවයිනට රැගෙනවිත් ඇති බවද ඔහු කියා සිටියා.

විදෙස්ගතව සැගව සිටින යම් අපරාධකරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබද පොලිසිය දැනුවත් කරන ලෙසද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලිමක්ද කළා.