Published
බන්ධනාගාර ගත කර සිටි තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වන තක්සින් ෂිනවත්රාට නිදහස හිමිව තිබෙනවා.
76 හැවිරිදි තක්සින් ෂිනවත්‍රා 2001 වසරේ සිට 2006 වසර දක්වා අග්‍රාමාත්‍ය ධූරය හොබවනු ලැබූ අතර ඔහුගේ ධූර කාලය අතර ඇති වු දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට වසර 08ක සිර දඬුවමක් නියම වී තිබුණා.
කෙසේවෙතත් එරට රජු විසින් එම සිර දඬුවම් කාලය වසරකට අඩු කිරීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහුගේ යහපත් හැසිරීම සහ වයස සැලකිල්ලට ගනිමින් ඔහුට නිදහස ප්රදානය කිරීමට එරට අධිකරණ අමාත්‍යංශය මීට පෙර එකඟතාව පළ කළ තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.




