Published
කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්රැම් 8යි මිලිග්‍රෑම් 450ක් ද සොයාගෙන තිබෙනවා.
වයස අවුරුදු 27 ක් වූ වත්තල ප්‍රදේශයේ පදිංචි සැකකරු පැය 72ක රැදවුම් නියෝග මත රදවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
කොටහේන පොලිස් වසමේදී පසුගිය 7 වනදා මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබුණා.
එම සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




