Published
බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන් අද දිනයේ සිට ප්‍රවේශ පත්‍රය ළඟ තබාගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
එහි සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිනී ජාසිංහ මහතා පැවසුවේ බස්රථවල ගමන් ගන්නා මගීන්ට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම සහ එය ළඟ තබා ගැනීම නීතියක් වුවද මෙතෙක් එය ක්‍රියාත්මක නොවූ බවයි.
ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම සහ එය ළඟ තබා ගැනීමේ නීතිය සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.
මෙහිදී ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හා ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට ද දඩයක් නියම කරන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිනී ජාසිංහ මහතා පැවසුවේ.
බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථ පරික්ෂා කිරීම අද සිටම ආරම්භ වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.




