Published
කොළඹ, ඕල්කට් මාවත, ටෙක්නිකල් හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය භූමියේ තිබූ ගසක් එලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ගස කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් බස් රථ කිහිපයකටම හානි සිදුව ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
කෙසේවෙතත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
කොළඹ මහනගර සභාවේ සේවකයන් විසින් මේ වන විට කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා.
අනතුර හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.




