Published
සංවිධානාත්මක අපරාධකරුවෙකු “කෙහෙල්බද්දර පද්මේ” විසින් සඟවා තැබූ බවට පැවසෙන අවි ආයුධ තොගයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් සොයාගෙන තිබෙනවා.
එහිදී ටී-56 පතරොම් 500කට අධික ප්‍රමාණයක්, ටී-56 මැගසින් 04ක් සහ මයික්‍රෝ පිස්තෝලයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් “කෙහෙල්බද්දර පද්මේ” ඇතුලු පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබුවා.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදීවලදී අදාල තොරතුරු අනාවරණය වී තිබෙනවා.




