මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මූල්‍ය ද්‍රවශීලතා පීඩනයට මුහුණ දෙන ව්‍යාපාරවලට සහාය වීම සඳහා ඉන්දීය රුපියල් බිලියන 181ක හදිසි ණය ඇපකර වැඩසටහනක් ඉන්දීය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෙම හදිසි ණය මාර්ග ඇපකර යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 100% ක ඇපකර ආවරණයක් ද, අනෙකුත් සමාගම් සහ ගුවන් සේවා අංශය සඳහා 90% ක ඇපකර ආවරණයක් ද රජය විසින් ලබා දෙනු ඇත.
මෙම ඇපකරයන් National Credit Guarantee Trustee Company Ltd හරහා බෙදා හරිනු ලැබේ.
එක්සත් ජනපද-ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුද්ධය මධ්‍යයේ මැදපෙරදිගින් සිදුවන සැපයුම් බාධා හේතුවෙන් ඉන්දියාවේ පේෂකර්ම සහ වීදුරු නිෂ්පාදකයින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.
ලොව තෙවැනි විශාලතම තෙල් ආනයනකරු ලෙස ඉන්දියාව ඉහළ උද්ධමනයකට සහ මන්දගාමී ආර්ථික වර්ධනයකට මුහුණ දීමේ අවදානමක් පවතී.
මෙම යෝජනා ක්‍රමය 2026 මාර්තු 31 වන විට පවතින ක්‍රියාකාරී ප්‍රාග්ධන සීමාවන් සහිත ණය ගැතියන් සඳහා අදාළ වේ.
ව්‍යාපාරිකයින්ට රුපියල් බිලියන 1ක උපරිමයකට යටත්ව සිය උපරිම ක්‍රියාකාරී ප්‍රාග්ධනයෙන් 20%ක් දක්වා ලබාගත හැකි අතර, මගී ගුවන් සේවා සඳහා රුපියල් බිලියන 15ක උපරිමයකට යටත්ව ණය පහසුකම් ලබාගත හැකිය.
සාමාන්‍ය ව්‍යාපාරික ණය වසරක සහන කාලයක් සහිතව වසර පහක් සඳහා ලබා දෙන අතර, ගුවන් සේවා ණය වසර දෙකක සහන කාලයක් සහිතව වසර හතක කාලසීමාවක් සඳහා ලබා දේ.
මෙම වැඩසටහන 2027 මාර්තු 31 දක්වා අනුමත කරනු ලබන ණය සඳහා වලංගු වන බව රජයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.




