දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර නැවත උත්සන්න වී තිබෙනවා .
මෙලෙස සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අල්ජසීරා ප්රවෘත්ති සේවය වාර්තා කර තිබුනේ.
පසුගිය අප්‍රේල් 17 වනදා ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාම ගිවිසුම දරුණු ලෙස උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය අද දිනයේ දකුණු ලෙබනනයේ ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය (NNA) වාර්තා කරන අන්දමට, මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා .
නාබටියේ (Nabatieh) දිස්ත්‍රික්කයේ ෂෝකයින් (Shoukine) නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් ප්‍රහාරයකින් එම නගරයේම දෙදෙනෙකු මියගොස් තිබේ.
මීට අමතරව ක්ෆා දජ්ජාල් (Kfar Dajjal) ගම්මානයේ මෝටර් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් ද පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ලුවයිසා (Lwaizeh) ගම්මානයේ නිවසකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා .
ඊශ්‍රායල හමුදා විසින් නාබටියේ නගරයේ පිහිටි අල්-සාදා (al-Saada) බේකරි පරිශ්‍රය සහ ටයර් (Tyre) දිස්ත්‍රික්කයේ සිද්දිකින් (Siddiqine) නගරය ද ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා
ඊශ්‍රායලය පවසන්නේ මෙම ප්‍රහාර හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර එල්ල කරන බවයි. කෙසේ වෙතත්, වාර්තාවන මරණවලින් බහුතරයක් සාමාන්‍ය වැසියන් බව ලෙබනන බලධාරීන් පෙන්වා දෙනවා .
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, මාර්තු 2 වනදා ආරම්භ වූ මෙම යුද ගැටුම් හේතුවෙන් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2,618 ක්
පසුගිය දින දෙක තුළ පමණක් පුද්ගලයින් 44 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇති අතර, මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෙබනන රජය තහවුරු කරන්නේ.




