වේගවත් ආර්ථික ගමනක් කරා රට පරිවර්තනය කිරීමට නම් රජය විසින් සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ආර්ථිකය තුළ සිදු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

ඒ අනුව කෘෂිකාර්මික, කාර්මික සේවා, රාජ්‍ය සේවය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ඵලදායීතාව ඉහළ දැමිය යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.

ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය සියයට 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මෙම අදහස් පළ කෙරුණා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසුවා.