තැපැල් සේවකයින් විසින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් හෙටට යෙදෙන ලෝක තැපැල් දින සැමරුම් වර්ජනය කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ තැපැල්පතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇති බවයි.

තැපැල් සේවකයින් විසින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

හපුතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පසුගියදා ප්‍රකාශ කළේ ඇඟිලි සළකුණ නොතබා තැපැල් සේවකයින් රුපියල් කෝටි ගණනක අතිකාල ලබාගෙන ඇති බවයි.