උතුරු ජපානයේ නැවත වරක් ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය හැකි බවට ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය අනතුරු අඟවා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ හොකයිඩෝ සිට චිබා ප්‍රාන්තය දක්වා පැසිෆික් වෙරළ තීරයේ ජනතාව අවදානයෙන් සිටිය යුතු බවටයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ.
ජපානයේ අමෝරි ප්‍රාන්තයේ පැසිෆික් වෙරළ තීරයේ කේන්ද්‍රගතව ඊයේ රාත්‍රියේ රික්ටර් මාපාංක ඒකක 7.5ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදු වුණා.
ඒ හේතුවෙන් ජපානයේ උතුරු වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කෙරුණු අතර පසුව එය ඉවත් කෙරුණා.
එම භූ කම්පනය සමග නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය හේතුවෙන් ජපානයේ ප්‍රාන්ත කිහිපයක පුද්ගලයින් 90,000ක් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබුණා. මේ අතර, එම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 30 දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් බොහෝ දෙනෙකු බිම ඇදවැටීම හේතුවෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.




