ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ උඩවලව 96 ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ලොරි සහායකයෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

කොළඹ සිට මොණරාගල දෙසට යකඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී රිය සහායකයා ලොරි රථය තුළ සිරවී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඔහු කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද ඇඹිලිපිටිය පොලිසිය පැවසුවා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ ලොරි රථ රියදුරා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.