රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද (06)  උදෑසන අට දක්වා ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් උදෑසන අටට සිය විධායක සභාව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය කරන බවයි එම සංගමයේ ලේකම් වෛද ප්‍රභාත් සුගතදාස මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සතියේද අවස්ථා කිහිපයකදී වැඩවර්ජනයක නිරත වුණා.

ඒ අනුව රෝගී සත්කාරක සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් වෙත පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා.