ලංකා ඊ.නිවුස් වෙබ් අඩවියේ කර්තෘ දොන් ප්‍රදීප් සදරුවන් සේනාධීර එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත අද(11) පස්වරු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී තිබෙනවා.
මොහු ද්විත්ව පුරවැසිභාවය හිමි 64 හැවිරිදි පුද්ගයෙකි.
ඔහු ඊයේ(11) දින පස්වරු 01.25 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහුට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන 294/9 දරන නඩුවට අදාළව ගුවන් ගමන් තහනමක් පනවා තිබුණා.
කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ රදවා ඇති ඔහු මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි.




