Published
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන එම ප්‍රදර්ශනය අද රාත්‍රී 09 දක්වා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර සංවිධාන කෙරුණේ 26 වන වරටයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා.
මේ අතර, අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ශක්තියක් වීම සඳහා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කුටියේ පොත් කැටයට අද දිනයේද බොහෝ පිරිසක් පොත් පරිත්‍යාග කළා. ඒ සම්බන්ධයෙන් තොරතුරු, නෙත් විශේෂ නියෝජිත මනෝජ් උදටියාවලගෙන්.




