මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ පිළිබද තවත් තොරතුරු නෙත් නිවුස් නියෝජිත උපුල් වීරසිංහගෙන්.

''අද අලුයම 12:30ට පමණ මොනරාගල - වැල්ලවාය මාර්ගයේ කුඹුක්කන 14 වෙනි සැතපුම් කණුව ආසන්නයේදී බරපතල රිය අනතුරක් සිදුවෙලා තියෙනවා. කතරගම දේවාලයේ වන්දනාවේ ගමන් ගත් ට්‍රැක්ටර් රථයක් සහ සියඹලාණ්ඩුව දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ. ට්‍රැක්ටර් රථයේ ගමන් ගත් අටදෙනෙකු අතරින් පස්දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. තිදෙනෙක් මොනරාගල මහා රෝහල වෙත ඇතුළත් කරලා තියෙනවා බරපතල තුවාල ලබා. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මොනරාගල පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.''