Published
අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන පියල් මනම්පේරි මහතා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා. පියල් මනම්පේරි මහතා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී එලෙස ඔහු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය අවසර ලබා දී ඇත්තේ. මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිද්දෙණිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.