පිටකොටුව සහ බම්බලපිටිය නව කදිරේෂන් කෝවිල් වල වාර්ෂික වේල් උත්සවයේ රීදි රථ පෙරහැර අද සහ ලබන 31 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පෙරහර ගමන් ආරම්භය :- 2026.07.28
• වේලාව :- පෙරවරු 07.30 සිට රාත්‍රී 08.30 දක්වා
• ආරම්භක ස්ථානය :- මුහුදු වීදිය, පිටකොටුව කදිරේෂන් කෝවිල
• ගමනාන්තය :- ගාලුපාර, බම්බලපිටිය නව කදිරේෂන් කෝවිල
• පෙරහර ගමන් මාර්ගය :-
මුහුදු වීදිය, ගෑස්පහ වටරවුම, ප්‍රධාන වීදිය, ඛාන් වටරවුම, Y.M.B.A හන්දිය, ලේඩ්න් බැස්ටියන් මාවත, යෝර්ක් වීදිය, බාරෝන් ජයතිලක මාවත, ජනාධිපති මාවත, N.S.A වටරවුම, ගාලු මැදපාර, ගාලු මුවදොර වටරවුම, ගාලුපාර කොල්ලුපිටිය හන්දිය ඔස්සේ බම්බලපිටිය නව කදිරේෂන් කෝවිල දක්වා.
වේලාවන් සහ ගමන් මාර්ගය :-
• පෙ.ව. 10.30 දක්වා :- මුහුදු වීදිය හා කයිමන් දොරටුව ඔස්සේ ප්‍රධාන වීදිය වෙත ගමන් කිරීම
• පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 දක්වා :- ප්‍රධාන වීදිය, ලේඩ්න් බැස්ටියන් මාවත ඔස්සේ ගමන් කිරීම.
• ප.ව. 01.00 සිට ප.ව. 03.00 දක්වා :- ජනාධිපති මාවත ඔස්සේ ගාලු මුවදොර පිටියට පැමිණීම.
• ප.ව. 03.00 සිට ප.ව. 04.30 දක්වා :- ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, සංචාරක දෙපාර්තමේන්තුව සහ අරලියගහ මන්දිරය අසලින් ගමන් කිරීම.
• ප.ව. 05.00 සිට රාත්‍රී 07.00 දක්වා :- ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය සහ බම්බලපිටිය හරහා ගමන් කර රාත්‍රී 07.00ට පරණ කදිරේෂන් කෝවිලටත්, රාත්‍රී 08.30ට බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලටත් ලඟාවීම.
පෙරහර ආපසු පැමිණීම :- 2026.07.31
• වේලාව :- පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා
• ආරම්භක ස්ථානය :- ගාලුපාර, බම්බලපිටිය නව කදිරේෂන් කෝවිල
• ගමනාන්තය :- මුහුදු වීදිය, පිටකොටුව කදිරේෂන් කෝවිල
• පෙරහර ගමන් මාර්ගය :-
බම්බලපිටිය කෝවිල, ගාලුපාර ඔස්සේ ගාලුමුවදොර පිටිය, ගාලු මුවදොර සෙන්ට්‍රල් පාර, චැතැම් වීදිය, යොර්ක් වීදිය, ලේඩ්න් බැස්ටියන් මාවත, ප්‍රධාන වීදිය, මුහුදු වීදිය, කදිරේෂන් වීදිය, බ්‍රාස්ෆවුන්ඩර් වීදිය, අන්දිවේල් වීදිය, කයිමන් දොරටුව ඔස්සේ පිටකොටුව නව කදිරේෂන් කෝවිල දක්වා
ඉහත දිනයන් හා වේලාවන්හි පෙරහර ගමන් ගන්නා මාර්ග වල යම් රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




