සිය රාජකාරි ටී 56 ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබාදී ඩුබායි රාජ්ය වෙත පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිල පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ශ්රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඩුබායි රාජ්ය වෙත ගොස් එම සැකකරු අද දිවයිනට රැගෙන ආ බවයි.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටියදී සිය රාජකාරී ටී- 56 ගිනි අවිය මෙලෙස සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබා දී ඇති සැකකරු අනුරාධපුර , පේමඩුව. හැළඹගස්වැව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සදහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට නියමිතයි.




