රියදුරු බලපත්‍ර අලුත් කිරීමට කඩිනම් ක්‍රමයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අද හඳුන්වා දුන්නා.

ඒ, නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේදීයි.

එහිදී එම ආයතනයෙන්ම තම රියදුරු බලපත්‍රය අලුත් කිරීමේ හැකියාව අද සිට ලබා දුන්නා.

එම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී වෛද්‍ය පරීක්ෂණයට භාජනය වී එය සමත් වී එම ස්ථානයේදීම මුදල් ගෙවා රියදුරු බලපත්‍රය අළුත් කර ගැනීමට මෙහිදී අවස්ථාව උදා වනවා.

මීට පෙර සිදු වූයේ නුගේගොඩින් වෛද්‍ය පරීක්ෂණ වාර්තා රැගෙන වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට ගොස් රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමයි.