Published
ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති මීට නොබෝ වේලාවකට පෙර සිය සංකේත වැඩවර්ජනය ආරම්භ කළා.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය පස්වරු 6 දක්වා ක්‍රියාත්මක බවයි එම වෘත්තීය සමිති පැවසුවේ.
මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා.
අද දිනයේ තමන් සංකේත වැඩවර්ජනයක නිරත වන බවට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 21ක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ඊයේ දින ලිපියක් යොමුකරමින් දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.




