ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමියන්ගේ පියාණන් වූ වීරකෝන් ආරච්චිගේ මාටින් සිංඤ්ඤො මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා.

ඒ, පස්වරු දෙකට වරකාගොඩ දීපාලෝක මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේයි.

ඒ මහතාගේ දේහය මේ වනවිට වරකාගොඩ ඉහළ කරන්නාගොඩ නිවසේ තැන්පත් කර තිබෙනවා.

මාටින් සිංඤ්ඤො මහතා අභාවප්‍රාප්ත වන විට 93 වියේ පසු වුණා.