Published
පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජනතාව බහුතර බලය ලබා දී ඇත්තේ ජාතික ජන බලවේගයට බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ටී බී සරත් මහතා පවසනවා.
ඒ අනුව පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට හෙට දිනයේ සිට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.
මේ අතර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකින් පසුව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ.
කොළඹ නගරාධිපති ධුරය ලබා ගැනීම සඳහා තම පක්ෂය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.