Published
මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්රදේශයේදී පස් කන්දකට යට වූ කම්කරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කම්කරුවන් සිව්දෙනෙකු තාප්පයක් බඳිමින් සිටියදී පස් කන්දක් කඩා වැටී කම්කරුවන් තිදෙනෙකු යටව ඇති බවයි පොලිසිය පැවසුවේ.
බැකෝ යන්ත්ර ද යොදා ගනිමින් ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කෙරුණා.
ගොඩටගත් ඔවුන් තිදෙනා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් තිදෙනෙකු එලෙස පස් කන්දට යට වූ බවයි අනතුරින් දිවි බේරුනු තවත් කම්කරුවෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.




