Thursday, May 2, 2024

General line - 0115112241

ආදීවාසින් පිරිසක් යාපනය ප්‍රදේශයේ සංචාරයක




ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු ආදීවාසින් පිරිසක් යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ ආරාධනයෙන් ආදීවාසි නායකයා ඇතුළු 75 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්වු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

යාපනය ප්‍රදේශයට පැමිණි එම පිරිස පිළිගනු ලැබූවේ යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් විසින්. කන්කසන්තුරය, මාවඩිපුරම් කෝවිලේ පැවති විශේෂ පූජාවක් සඳහාද ආදීවාසී නායකයා ඇතුළු පිරිස එක්ව තිබෙනවා.

ඔවුන් සිය යාපනය සංචාරය තුළදී නාගදීප විහාරස්ථානය, නාගපූෂනි අම්මාන් කෝවිල, යාපනය කොටුව සහ යාපනය පුස්තකාලය ඇතුළු ස්ථාන කිහිපයක් නැරඹූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.