Tuesday, May 7, 2024

General line - 0115112241

දඩ මුදල් ගෙවන්න නව ක්‍රමවේදයක් මහජන බැංකුවෙන්




අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහා අති නවීන ගෙවීම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් මහජන බැංකුව විසින් ඉකුත් දා හඳුන්වා දුන්නා.

ඒ හරහා අධිකරණ මඟින් පනවන දඩ මුදල් හා අනෙකුත් ගෙවිම් ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රම හරහා බාධාවකින් තොරව ගෙවීමේ පහසුව ජනතාවට ලබා ගත හැකියි.

මේ ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ.

මේ, එම අවස්ථාවට එක් වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ.