Monday, May 6, 2024

General line - 0115112241

96 ලෝක කුසලානය ගෙනා ක්‍රිකට් ක්‍රීඩකයන්ට උපහාර (PHOTOS)




කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාලය අතර 47වන එක්දින තරඟය මේ වන විට කොළඹ එස් එස් සී ක්‍රීඩංගණයේදී පැවැත්වෙනවා.

නාලන්දා විද්‍යාලයේ නායක කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පැමිණි නාලන්දා විද්‍යාලය මීට සුළු මොහොතකට පෙර පන්දු වාර 36 කදී කඩුලු 04 ක් දැවී ලකුණු 149ක් රැස් කරගෙන සිටිනවා.

නාලන්ද විද්‍යාලය වෙනුවෙන් නායක සදෙව් සමරසිංහ පන්දු 76කදී ලකුණු 54ක් ලබා සිටියදී දැවී ගියා. 

මේ අතර ආනන්ද නාලන්දා විද්‍යාලයේ 47වන ක්‍රිකට් තරඟයට ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ ද එක් වුණා.

එහිදී නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ආනන්ද හා නාලන්දා විද්‍යාලවලින් බිහිවූ මෙරට කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව අදහස් දැක්වුවා.


අද තරඟය නිමා වීමෙන් පසුව 1996 ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට දිනා දීමට උර දුන් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් උපහාර පිදීමක්ද සිදු කරන බවයි ආදි ආනන්දයීය ක්‍රීඩා සමාජයේ ඒකාබද්ධ සංවිධාන කමිටුවේ සාමාජික දිල්රුවන් රාජපක්ෂ පැවසුවේ.