Friday, May 3, 2024

General line - 0115112241

ඩී ඇස් - මහානාම රන් සටනට ආදි සිසුන් ගෙන් රථ පෙලපාලියක්




කොළඹ  ඩී ඇස් සේනානයක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 18 වන රන් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද දිනයේ මේ වන විට පන්දුවට පහර දෙන  කොළඹ මහානාම විද්‍යාලය  පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ කඩුලු 04ක් දැවි ලකුණු 189ක් රැස්කර ගෙන සිටිනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්  ඩී ඇස් සේනානායක විද්‍යාලය ලකුණු 370ක් රැස් කළා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදීයි.

මේ අතර රන් මහා සටනට සමගාමීව ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුන් සංවිධානය කල රථ පෙලපාලියද අද පැවැත්වුණා.

විද්‍යාලය අසලින් ආරම්භ කල එම රථ පෙලපාලිය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනය අසලින් අවසන් වුණා.