Wednesday, May 1, 2024

General line - 0115112241

කෙන්යාවත් TikTok ගැන දෙවරක් සිතයි




TikTok ජංගම දුරකථන යෙදුමේදත්ත ආරක්‍ෂාව සහ රහස්‍යතාවසම්බන්ධයෙන් කෙන් යාවට ගාටළුවක් පැනනැගී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව TikTok යෙදුමට එරෙහිව සීමා කිරීම් ගෙන ඒම සලකා බලන නවතම රට බවට කෙන්යාව පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

චීන සමාගමක් වන ByteDance සමාගම, සිය  රටේ දත්ත ආරක්ෂණ සහ රහස්‍යතා නීතිවලට අනුකූල වන ආකාරය සම්බන්ධයෙන් 
කෙන්යාවේ ඉහළ බලධාරීන් කනස්සල්ලට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව TikTok යෙදවුම් කෙන්යාව තුළ තහනම් කිරීමේ අවධානමක් ඇති බවත්  කෙන්යානු නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දත්තවල රහස්‍යභාවය සහ ජාතික ආරක්ෂාව පදනම් කර ගනිමින් සහ අමෙරිකාව තුළ පවා TikTok තහනම්ක් පිළිබඳ කතාබහක් පවතිනවා.

එමෙන්ම සෙනගලය සහ සෝමාලියාව තුළ මේවනවිටත් TikTok තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.