Wednesday, May 1, 2024

General line - 0115112241

මොසැම්බික් මුහුදේදී බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 90 දෙනෙකු මරුට




මොසැම්බික් වෙරළට ඔබ්බෙන් වූ, නාම්පුලා ප්‍රදේශයේ දූපතක් ආසන්නයේදී බෝට්ටුවක් පෙරළී එහි සිටි පුද්ගලයින් 90දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදු වන අවස්ථාවේදී පුද්ගලයින් 130 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි.

ඒ අතර කුඩා දරුවන් රැසක්ද බෝට්ටුවේ සිට තිබෙනවා.

කෙසෙවෙතත් බෝට්ටුවේ ගමන් කළ පිරිසෙන් බේරා ගැනීමට හැකි වී ඇත්තේ පුද්ගලයන් 05 දෙනෙකු පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රමාණය ඉක්මවා වැඩි පිරිසක් ගමන් කිරීම හේතුවෙන් එම බෝට්ටුව අනතුරට ලක්වන්නට ඇති බවටයි එරට බලධාරීන් සැක කරන්නේ.