Wednesday, May 1, 2024

General line - 0115112241

පකිස්තානයයේදී චීන වැසියන්ට ප්‍රහාර එල්ල වීම දුරදිග යන ලකුණු 




පකිස්තානයේ Besham ප්‍රදේශයේදී චීන ජාතික ඉංජිනේරුවන් පිරිසකට එල්ල වූ  මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මේවනවිට සිදු කර ඇති මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ අදාළ චීන ජාතිකයින් පිරිස රැගෙන ගිය බස් රථය වෙඩි නොවදින හෝ බෝම්බවලට ඔරොත්තු නොදෙන එකක් නොවන බවයි.

එම බස් රථ තුළ තිබී ඇත්තේ ආරක්ෂිත කැමරා පද්ධතියක් පමණක් බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පකිස්තානයේ සිටින චීන වැසියන් ඉලක්ක කර ත්‍රස්ත කණ්ඩායම් විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටි පසුබිමක් තුළ ඔවුන් තවදුරටත් අනාරක්ෂිතව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පකිස්තානයට චෝදනා එල්ල වන බවයි වාර්තා වන්නේ.

චීනය විසින් පකිස්තානය තුළ ව්‍යාපෘති සිදු කිරීම සම්බන්ධයෙන් පකිස්තානයේ ඇතැම් ත්‍රස්ත කණ්ඩායම් එල්ල කරන්නේ දැඩි විරෝධයක්.

ඒ අනුව එම ත්‍රස්ත කණ්ඩායම් දිගින් දිගටම පකිස්තානයේ සිටින චීන වැසියන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළා.

ඉකුත්දා පකිස්තානයේ Besham හිදී එල්ල වූ ප්‍රහාරයෙන් චීන ජාතික ඉංජිනේරුවන්  05 දෙනෙකු සහ පකිස්තාන ජාතිකයෙකු මිය ගියා.