Thursday, May 2, 2024

General line - 0115112241

ස්වයං රැකියාවල නිරත පුද්ගලයින්ට විශ්‍රාම වැටුපක්




ස්වයං රැකියාවල නිරත පුද්ගලයින්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දිවයින පුරා සිදු කළ සමීක්ෂණයක අධ්‍යයන වාර්තාවක ප්‍රතිඵල මත මෙම තීරණය ගත් බවයි. 

මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ හිමි වන්නේ කෙසේද?

අදාළ වාර්තාව මුදල් අමාත්‍යංශයට යොමු කර ඇති බවත් අනුමැතිය ලද වහාම කොටස් වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.