Thursday, May 2, 2024

General line - 0115112241

දකුණු පළාත සංවර්ධනයට  චීනයෙන් අතහිත 




චීනයේ චෙන්දු නගරයේ දූත පිරිසක් සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ අතර හමුවක් පසුගියදා ආණ්ඩුකාර ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු වුනා.

සෝලර් පද්ධති ස්ථාපිත කිරීම,චීනයේ නිශ්පාදිත විද්‍යුත් වාහන අලෙවි මධ්‍යස්ථාන සහ විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන ඇති කිරීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ,කෘෂි කර්මාන්තයට චීනයේ නවීන තාක්ෂණය යොදා ගැනීම හා චීනයේ කෘෂිකර්මික තාක්ෂණය පිළිබඳව ප්‍රදර්ශනයක් දකුණු පළාත තුළ සිදු කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

මීට සමගාමීව චීන සහ ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කරමින් සමරු තිලිණ හුවමාරුවක්ද සිදු වුනා.

මෙම අවස්ථාවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ,දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති චන්න ශ්‍රී  සාලිය මෙන්ඩිස් ,ගාල්ල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අනුරාධ ගයාන් ,ලසන්ත ,වෛද්‍ය සනත් පතිරණ ,උණවටුන සංචාරක හෝටල් සංගමයේ සභාපති නිමල් ගීගනගේ ,හික්කඩුව හෝටල් සංගමයේ ලේකම් ,ඇතුළු පිරිසක් සහභාගී විතිබෙනවා .