සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන දෙදෙනෙකුගේ සමීප ගෝලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යුක්තිය මෙහෙයුමට අදාලව සිදු කරන ලද බොරලැස්ගමුව පොලිස් වසමේ අංක 59, GH පෙරේරා මාවත, රත්තනපිටිය, බොරලැස්ගමුව ලිපිනයේ දී වැටලීමක දී.
නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුල දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරිම හා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන්, සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අයගේ සමීප ගෝලයි වන බවයි සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ.
කහදූව, උණන්පිටිය සහ තවලම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22, 24 සහ 31ක් වන පුද්ගලයින් තිදෙනෙකු වන අතර යතුරුපැදියක් සහ ජංගම දුරකථන 03 ක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලීසිය පවසන්නේ.