Friday, May 3, 2024

General line - 0115112241

චීනය ටිබෙට් වැසියන්ගේ තණබිම් අල්ලා ගනී




ටිබෙට් ස්වතන්ත්‍ර කලාපයේ ටිබෙට් ජාතිකයින්ට අයත් තණබිම් චීන බලධාරීන් විසින් අත්පත් කර ගැනීමට විරෝධය පෑ ටිබෙට් ජාතිකයන් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇති බව ටිබෙට් අභ්‍යන්තර මූලාශ්‍ර තුනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

 චම්ඩෝ හි මාර්කාම් ප්‍රාන්තයේ ලුඕනික්සියැන්ග් ග්‍රාමීය නගරවල ටක්ට්සා ගම්මානයේ පදිංචිකරුවන් එලෙස චීනයේ ඉඩම් කොල්ලයට එරෙහිව අභියාචනා කර වන්දි ඉල්ලා තිබෙනවා.

ඉන් අනතුරුවයි මෙම ගැටුම් හට ගෙන ඇත්තේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් පාර්ශව විසින් පළිගැනීමේ බියෙන් නිර්නාමික භාවය ආරක්ෂා කරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා ඇතැයි සඳහන්.

2023 වසරේදී චීන ප්‍රාන්ත නිලධාරියෙකු ප්‍රදේශවාසීන්ගේ අනුදැනුමකින් තොරව සහ ඔවුන්ට කිසිදු වන්දි මුදලක් ලබා නොදී නීති විරෝධී ලෙස තණබිම් ව්‍යාපාරිකයින්ට විකුණා ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ.

එලෙස තණබිම් මිලදී ගත් ව්‍යාපාරිකයින් ඒවා හෙලිපෙහෙලි කිරීම ස‍ඳහා සේවකයින් යොමු කරන තුරු ටිබෙට් වැසියන් සිය ඉඩම් විකුණා ඇති බව නොදැන සිටි බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔවුන් සිය ඉඩම් සඳහා වන්දි ඉල්ලා සිටීමත් සමග චීන බලධාරීන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වන්නේ