මෙරට ණය තිරසරභාවය ඇති කිරීම සදහා අඛණ්ඩව සහය දෙන බව පැරිස් සමාජය යළි සහතික වී තිබෙනවා.
ඒ බව ප්‍රකාශ කර ඇත්තේ පැරිස් සමාජයේ සම සභාපති සහ ප්‍රංශයේ බහුපාර්ශවික කටයුතු, වෙළද සහ සංවර්ධන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් විලියම් රූස් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර පැවති හමුවකදීයි.
එම හමුවේදි නිල ණය හිමියන්ගේ කමිටුව සමග මෙන්ම අනෙකුත් පාර්ශවකරුවන් සමග සාකච්ඡාවල ප්‍රගතිය පිළිබදවද අදහස් පළ වී ඇති බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පැවසුවේ.
අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවට සමගාවීම එම හමුව සිදුව තිබෙනවා.
මේ අතර ඔපෙක් අරමුදලේ සභාපති අබ්දුල් හමීඩ් අල්කලීෆා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක්ද සිදුවූ බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පැවසුවේ.
ශ්‍රී ලංකාවේ හදුනාගත් ප්‍රමුඛතාගත ව්‍යාපෘති සදහා මුල්‍යකරණ පහසුකම් ශ්‍රී ලංකාවට ලබාදීමට අරමුදල දැනටමත් ඉතීරණය කර ඇති බවයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ.